විදුහල්පති පණිවිඩය
ලක්ෂඋයන කනිෂ්ඨ විද්‍යාලය

උමැප/පො/පො/ ලක්ෂ උයන කණිෂ්ඨ විද්‍යාලය පොළොන්නරුව අධ්‍යාපන කලාපය තුල පිහිටි ග්‍රාමීය පාසලකි. පාසල ආරම්භ කොට වසර 70ක් ගෙවී ඇත. අතීතයේ සිට මේ දක්වා රටට දායාද කල පුරවැසියන් බොහොමයක් රටට වැඩදායී පුදිගලයන් බව සිහිපත් කල යුතුය. ඒ අතරින් හිටපු ජනාධිපති වර්තමාන පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂයෙන් සිහිත් කරමි.
නගරයෙන් එහාට ගොස් තොරතුරු තාක්ෂණය අපේ පාසල් වලට එක් වීම තුලින් අප විද්‍යාලයටද විවිධ පාර්ශව සමඟ අදසහ් හුවමාරු කර ගැනීම සහ තොරතුරු හැවමාරුව හොඳින් සිදු කර ගැනීමට මෙම වෙබ් අඩවිය යොදා ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි මාගේ විශ්වාසයයි.
එමෙන්ම 21 වන සියවසේ අප සැමදෙනා තාක්ෂණය පෙරදැරිව කටයුතු කරනු ලබයි. අන්තරුජාලය ඔස්සේ ගණුදෙනු කරනු ලබයි. එම නිසා අප පාසල හා සම්බන්ධ සියළු පුදගලයන්, ආයතන සඳහා අප සමඟ එක් වන ලෙසට ආරාධනා කරමි. එලෙස එක් වීමෙන් පාසලේ දියුණුවට ආධාර කරන මෙන්ම ඉල්ලා සිටිමි.
අවසන් වශයෙන් මෙම කාර්ය සාර්තක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පුදකර සිටින අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතුද දිනෙන් දින වර්ධනය වේවායි පතමි.
විදුහල්පති
පො/ලක්ෂ උයන කණිෂ්ඨ විද්‍යාලය