සිරි ලකඹර රන් ජය දද බන්දන
මහ වැව් බැඳි රට පුලතිසි පුරවර
අභිමානයයෙ රන් කිරුළු දරා
ලක්ෂ උයන විදුහල් මාතා
සැරදේ..... සැරදේ......
ලක්ෂ උයන විදුහල් මාතා..
සිප්නැණ පොවමින් නෙක දැනුමෙන්
පෝෂිත කරවා විදු නැණයෙන්
අබිසෙස් ගන්වා ගුණ දහමින්
දැය පණ පොවනා......
ලක්ෂඋයන විදුහල් මාතා
හෙල තුළ සුපතල මහ පඬිදුන්
පෙර දිග බබළන විදු වියතුන්
තැනූ පින්බිම විදුහල් මාතා
දින දින බැබළී.....
ලක්ෂ උයන විදුහල් මාතා